කැටබිල්ල (Ceylon Gooseberry | Pusberiya)

පුස්බේරිය
ශාකයේ නම කැටබිල්ල | Ketebilla
වෙනත් නම් පුස්බේරිය, බූල් ලොවි.
ඉංග්‍රිසි නම් Ceylon Gooseberry
විද්‍ය‍ාත්මක නම Dovyalis hebecarpa
කුලය Salicaceae

කැටඹිල්ල, පුස්බේරිය, බූල් ලොවි ආදී නාමයන් කිහිපයකින් හදුන්වනු ලබන මේ පලතුර බූව සහිත වූ ගෝලාකාර ගෙඩි වර්ගයකි. උගුරැස්ස, ලොවි ප්රමාණයෙන් හට ගන්නා පලතුරක් වන මෙය ලංකාවට ආවේණික ශාක කිහිපයෙන් එක් පළතුරකි. Dovyalis hebecarpa යන උද්භිත නාමයෙන් හදුන්වන අතර Salicaceae කුලයට අයත් ශාකයක් වෙයි.

ඇඹුල් රසයෙන් යුක්ත අතර ඇට කිහිපයක් එම ගෙඩිය තුල තිබෙන අතර හොඳින් ඉදුණු පසු ගෙඩි රත් පැහැයත් , තද දම් පාටට හුරු පැහැයක් ගනියි. ඇතුළ මදය රතු පැහැයෙන් යුක්තයි. පොත්ත සිවියක් මෙන් ඉවත් කළ හැකියි. කෑමට ප්‍රිය ඇඹුල් රසයක් සහිත අපේ පලතුරකි කැටබිල්ල, පුස්බේරිය කියන්නේ ….

Share